ජනපති අනුරගෙන් UAE ජනපතිට දුරකතන ඇමතුමක්

එක්සත් අරාබි ඒමිර් රාජ්‍යයේ මෑතකදි සිදුවූ ප්‍රහාර සම්බන්ධයෙන් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා එරට ජනාධිපති ෂෙයික් මොහොමඩ් බින් සයිඩ් අල් නහියන් මහතා වෙත දුරකතන ඇමතුමක් ලබා දී තිබේ.

එහිදී, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මෑතකදී සිදු වූ ප්‍රහාර සම්බන්ධයෙන් අනුර කුමාර දිසානායක මහතා සිය කණගාටුව ප්‍රකාශ කර ඇති බව සඳහන් වේ.

මේ අතර,  සියලු ආකාරයේ ප්‍රචණ්ඩත්වය සහ ත්‍රස්තවාදය හෙළා දකිමින් ශ්‍රී ලංකාවේ සහයෝගීතාවය එක්සත් අරාබි ඒමීර් රාජ්‍යයට ලබා දෙන බව ජනාධිපතිවරයා පවසා ඇත. 

සිය X ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ.

Leave a Reply

Your email address will not be published.