අද (05) දිනට නියමිත පාර්ලිමේන්තු කටයුතු පෙරවරු 9:30ට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණි.
සමථකරණ පනත් කෙටුම්පත දෙවෙනිවර කියවීම, පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත දෙවෙනිවර කියවීම ඇතුළු කරුණු රැසක් අද දිනට නියමිත වැඩකටයුතු අතරට අයත්ය.


