අමෙරිකාව, ඊශ්‍රායලය සහ ඉරානය අතර තීව්ර වෙමින් පවතින යුද්ධය මැදපෙරදිග පුරා වෙසෙන මිලියන සංඛ්‍යාත දරුවන්ට “විනාශකාරී” තත්ත්වයක් නිර්මාණය කර ඇති බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් යුනිසෙෆ් සංවිධානය පවසයි.
පෙබරවාරි 28 වනදා සිට මේ දක්වා පැවති ප්රචණ්ඩ ක්‍රියාවලින් දරුවන් 1,100කට වැඩි පිරිසක් මියගොස් හෝ තුවාල ලබා ඇති බව වාර්තා වී ඇති බවට එම සංවිධානය නිවේදනයක් නිකුත් කර තිබේ.
වාර්තා වී ඇති පිරිදි, මියගිය දරුවන් අතර ඉරානයේ 200ක්, ලෙබනනයේ 91ක්, ඊශ්‍රායලයේ සිව්දෙනෙක් සහ කුවේට් රාජ්‍යයේ එක් දරුවෙකු ද සිටින බව සඳහන් වේ.
යුද්ධය තව තවත් ප්රචණ්ඩ වීමත් සමඟ මෙම සංඛ්‍යා තවදුරටත් ඉහළ යනු ඇති බවට යුනිසෙෆ් සංවිධානය අනතුරු අඟවා තිබේ.
මෙම අර්බුදය හේතුවෙන් මිලියන සංඛ්‍යාත දරුවන්ට අධ්‍යාපනය අහිමි වී ඇති අතර, නොනවත්වා එල්ල වන බෝම්බ ප්‍රහාර හේතුවෙන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අවතැන් වී සිටියි.


