රුපියල් විසි එක් කෝටි හැත්තෑ හත් ලක්ෂ අනූ දහසක් වටිනා ” කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන ආ විදේශීය ගුවන් මගියෙක් අද අලුයම ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
මොහු 42 හැවිරිදි වියේ පසුවන කැනඩා ජාතික ගොඩනැගිලි කොන්ත්‍රාත්කරුවෙකි .
ඔහු මෙම ” කුෂ්” මත්ද්‍රව්‍ය තොගය තායිලන්තයේ බැංකොක් නුවරින් මිළදී ගෙන , පසුව චීනයේ හොංකොං නුවර වෙත පැමිණ , එතැන් සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
එහිදී ඔහු විසින් රැගෙන ආ ගමන් මලු 02 තුළ පැකැට් 20 ක් ලෙස අසුරා මෙම ” කුෂ්” මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 21 යි ග්‍රෑම් 779 ක ප්‍රමාණය පමණක් සගවා ගෙන තිබුණි .


