ආවා කල්ලි සාමාජිකයෙකු අත්බෝම්බයක් සමඟ අත්අඩංගුවට

චුන්නාකම් පොලිස් වසමේ මරදනාමඩම් හංදියේ දි යාපනය කොට්ඨාස අපරාධ අංශයේ ස්ථානාධිපති ඇතුළු කන්ඩායමක් විසින් ඊයේ (03) දේශිය නිෂ්පාදිත අත්බෝම්බයක් ළඟ තබා ගෙන සිටි කොකුවිල් බටහිර ,කොකුවිල් යන ලිපිනයේ පදිංචි සුවරාසා ඩිලක්ෂන් නැමැත්තා අත්අඩංගුවට ගෙන චුන්නාකම් පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කරන ලදි.

මෙම සැකකරු ආවා කල්ලි ප්‍රධානියකු වන ජනෝත් යන අයගේ ප්‍රධාන ගෝලයකු වන අතර පසුගිය මස 26 දින යාපනය පොලිස් වසමේ පන්නේ හංදියේ සිදු වු කපාකොටා තුවාල කිරිමේ අපරාධයක් සම්බන්ධයෙන් ද අවශ්‍ය කරනු ලබන සැකකරුවකු හා තවත් මෙවැනි අපරාධ වලට සම්බන්ධ වු පුද්ගලයකු බවයි පොලීසිය පැවසුවේ

මෙම සැකකරු අද (04) ගරැ මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.

Leave a Reply

Your email address will not be published.