අතුරුදන් අමෙරිකානු ගුවන් නියමුවාට ඉරානයෙන් සුපිරි ලංසුවක්

ඉරානය විසින් බිම හෙළු අමෙරිකානු ප්‍රහාරක ජෙට් යානයේ සිටි ගුවන් නියමුවා අල්ලා ගැනීමට සහයෝගය ලබාදෙන ලෙස ඉරාන රජය එරට ජනතාවගෙන් එල්ලා සිටී.

ඒ අනුව එම ගුවන් භටයා අල්ලා ගැනීමට උදව් කරන ඕනෑම පුරවැසියෙකුට අමෙරිකානු ඩොලර් 66,100(රු. කෝටි 2කට වැඩි)ක ත්‍යාගයක් ලබා දෙන බව ටෙහෙරාන් රජය ඉරාන වැසියන්ට පොරොන්දුවක් ලබාදී ඇත.

ඉරාන ආරක්ෂක අංශ ඊයේ (3) එල්ලකළ මෙම ප්‍රහාරයෙන් F-15 වර්ගයේ අමෙරිකානු ප්‍රහාරක ජෙට් යානයක් කඩා වැටුණි.

එහි සිටි ගුවන් නියමුවන් දෙදෙනාගෙන් එක් අයෙකු දිවි බේරාගැනීමට සමත්වූ අතර, අනෙක් නියමුවා මේ වනවිට අතුරුදහන් වී ඇත.

ඒ අනුව සිය කාර්ය මණ්ඩල සාමාජිකයා සෙවීම සඳහා අමෙරිකාව අඛණ්ඩ මෙහෙයුමක් ආරම්භකර තිබේ.

Leave a Reply

Your email address will not be published.