වැඩි මිළට විකිණීම සඳහා ඩීසල් ලීටර් 4620ක් ,සඟවා ගෙන සිටි ,ජාවාරම් කරුවෙක් කල්මුණේ පොලීසියේ නිලධාරින් කණ්ඩායමක් විසින් කල්මුණේ මාදවන් ප්රදේශයේදී අත් අඩංගුවට ගත් බව කල්මුණේ පොලීසිය පවසයි.
සැකකරු සමග ඩීසල් අඩංගු බැරල් 22 ක් මෙහිදී අත් අඩංගුවට ගෙන ඇති අතර ,එම ඩීසල් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 17 ක් ,පමණ වන බව පොලීසිය පවසයි.
කල්මුණේ පොලිස් මූලස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක ලසන්ත කලුආරච්චි මහතාගේ මෙහෙය වීම මත මෙම හොර ඩීසල් ගබඩාව වටලා ජාවාරම් කරු අත් අඩංගුවට ගෙන ඇත


