සෙනෙත්ට දිවි අහිමි කළ මාරක අනතුර

අම්බලන්තොට උඩ බැරගම මාර්ගයේදී සිදුවූ රිය අනතුරකින් පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තවත් සිසුවෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගතකර තිබේ.

පාසල් සිසුන් දෙදෙනා යතුරුපැදියක ගමන් කරමින් සිට ඇති අතර අදාළ යතුරුපැදිය පෙරළී, මාර්ගයේ ගමන්ගත් ටිපර් රථයකට යටවීමෙන් මෙම අනතුර සිදුව ඇත.

අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බෝලාන මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ අර්.එම් සෙනෙත් අවිශ්ක නැමති 16 හැවිරිදි සිසුවෙකි.

තුවාල ලැබූ අනෙක් සිසුවා වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහල වෙත ඇතුළත් කර ඇති බවද සඳහන්.

ටිපර් රථයේ රියදුරු පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.

කෙසේවෙතත් පොලීසිය සඳහන් කළේ අනතුර සිදුවන අවස්ථාවේ සිසුන් සතුව රියදුරු බලපත්‍ර තිබී නොමැති බවය.

Leave a Reply

Your email address will not be published.