ආටිමිස් II (Artemis II) සාර්ථකව පෘථිවියට

ආටිමිස් II (Artemis II) මෙහෙයුමට සහභාගී වූ ගගනගාමීන් පිරිස අද (11) සාර්ථකව පෘථිවිය වෙත යළි පැමිණ තිබෙනවා.

ඒ අනුව, ඔවුන් රැගත් ‘ඔරායන්’ යානය අද ශ්‍රී ලංකා වේලාවෙන් අලුයම 5:37ට සැන් ඩියාගෝ වෙරළට ඔබ්බෙන් වූ පැසිෆික් සාගරයට පතිත වූ බවයි වාර්තා වන්නේ.

මෙම ක්‍රියාවලිය යටතේ අද අලුයම 5:07ට සිදු කළ අවසන් ගමන් පථ සැකසුම් දහනය මඟින් යානය ආරක්ෂිතව ගමන් මඟට යොමු කෙරුණා. 

අනතුරුව අඩි 400,000ක් පමණ උසින් වායුගෝලයට ඇතුළු වීමේදී ඇති වූ අධික තාපය හේතුවෙන් යානය වටා ප්ලාස්මා තත්ත්වයක් නිර්මාණය වූ අතර, ඒ හේතුවෙන් අලුයම 5:23 සිට මිනිත්තු හයක කාලයක් යානය සමඟ පැවති සන්නිවේදනය බිඳ වැටී තිබුණා.

මුහුදට පතිත වීමෙන් අනතුරුව ගගනගාමීන් පිරිස යානයෙන් පිටතට ගෙන හෙලිකොප්ටර් මඟින් USS John P. Murtha නෞකාව වෙත රැගෙන යාමට කටයුතු කෙරුණු ඇති අතර, වෛද්‍ය පරීක්ෂණවලින් පසු ඔවුන් නාසා අභ්‍යවකාශ මධ්‍යස්ථානය බලා පිටත්ව යාමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published.