වැඩිමිලට සහල් සහ පානීය ජල බෝතල් අලෙවි කළ වෙළෙඳසැල් කිහිපයක් වැටලීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබේ.
ඒ අනුව මහනුවර, ත්‍රිකුණාමලය, ගාල්ල, තංගල්ල, ගිරාඳුරුකෝට්ටේ, හපුතලේ ආදී ස්ථාවල පිහිටි වෙළෙඳසැල් කිහිපයක් එම අධිකාරිය විසින් පසුගිය 24 වැනිදා හදිසි වැටලීමක් සිදු කර තිබේ.
එහිදී කීරි සම්බා සහ අනෙකුත් සහල් අලෙවි කළ යුතු පාලන මිල ඉක්මවා අලෙවි කරන බවට කරුණු අනාවරණය වී ඇති අතර ඒ අනුව අදාළ වෙළෙඳසැල් වෙත නීතිමය පියවර ගැනීමටද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන ඇත.
සිදුකරන ලද නීතිමය පියවරයන් මගින් ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට, ගාල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් දෙදෙනෙකුට, තංගල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් දෙදෙනෙකුට, ගිරාඳුරුකෝට්ටේ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට රුපියල් ලක්ෂයක, දඩ මුදලක් අධිකරණය විසින් නියම කර තිබේ.
මීට අමතරව හපුතලේ ප්‍රදේශයේ වෙළෙඳසැල් හිමියාට රුපියල් ලක්ෂ 5ක දඩ මුදලක්ද නියම කිරීමටද අධිකරණය පියවර ගෙන තිබුණි.
මේ අතර උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලකට පානීය ජල බෝතල් අලෙවි කළ ව්‍යාපාරිකයින් දෙදෙනකුද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් හදිසි වැටලීමක් සිදුකර ඇත.
එහිදී වැඩි මිලට පානීය ජල බෝතල් අලෙවි කළ හපුතලේ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට රුපියල් ලක්ෂ 10ක දඩ මුදලක් සහ අනුරාධපුර ප්‍රදේශයේ වෙළෙන්දෙකුට රුපියල් ලක්ෂයක දඩ මුදලක්ද අදාළ නීතිමය කටයුතුවලින් පසුව අධිකරණය නියමක කර තිබේ.


