T20 කාන්තා ලෝක කුසලානයට සහභාගීවන ඉන්දීය කණ්ඩායම නම් කරයි 

2026, විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගීවන ඉන්දීය කණ්ඩායම නම් කර තිබේ. 

හර්මන්ප්‍රිට් කෞර්ගේ නායකත්වයෙන් නම් කර ඇති මෙම සංචිතයන් ක්‍රීඩිකාවන් 15 දෙනෙකු ඇතුළත්ය. 

ස්ම්‍රිති මන්දනා, ශෆාලි වර්මා, ජෙමිමාහ් රෞද්‍රිගස්, භාර්ටි ෆුල්මාලි, දීප්ති ශර්මා, රිචා ගෝෂ්, ශ්‍රී චරිනි, යස්ටිකා බාටියා, නන්දනි ශර්මා, අරුන්දදි රෙඩ්ඩි, රේණුකා සිං, කරන්ටි ගෞඩ්, ශ්‍රෙයන්කා පටිල් සහ රාධා යාදෙව් මෙම කණ්ඩායම නියෝජනය කරන සෙසු ක්‍රීඩිකාවන් වෙති. 

2026, විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ලබන ජුනි 12 වෙනිදා එජ්බැස්ටන්හිදී ආරම්භවීමට නියමිතව තිබේ.

එහි පළමු තරගය පැවැත්වෙන්නේ, ශ්‍රී ලංකා සහ එංගලන්ත කණ්ඩායම් අතරය.

Leave a Reply

Your email address will not be published.