ග්‍රයින්ඩරයකට ගෙල කැපී පුද්ගලයෙකු ජීවිතක්ෂයට

කටුගස්තොට පොලිස් වසමේ මාවිල්මඩ ප්‍රදේශයේදී පුද්ගලයෙකු නිවසේ ආරක්ෂක වැටක ඉදිකිරීම් කටයුත්තක් සිදු කරමින් සිටියදී ග්‍රයින්ඩරයකට ගෙල කැපීමෙන් මියගොස් තිබේ.

ඊයේ (05) උදෑසන කාලයේදී මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි. 

එලෙස මියගොස් ඇත්තේ, මාවිල්මඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 66 හැවිරිදි පුද්ගලයෙකි.

මරණකරු තම නිවසේ ඉදිරි ආරක්ෂක වැට පිළිසකර කර ගැනීම සඳහා යොදා ගත් ග්‍රයින්ඩරයට ගෙල කැපී එම ස්ථානයේම මියගොස් සිට ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් කටුගස්තොට පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Leave a Reply

Your email address will not be published.