2023/2024 වර්ෂවලට අදාළ ගුරු විද්‍යාල අවසාන විභාගය හෙට (11) ආරම්භවීමට නියමිතව තිබේ.
ප්‍රායෝගික පරීක්ෂණය ද ඇතුළුව ලබන 17 වෙනිදා දක්වා විභාග මධ්‍යස්ථාන තුනක එය පැවැත්වීමට කටයුතු යොදා ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
විභාග අයදුම්කරුවන්‌ගේ විභාග ප්‍රවේශ පත්‍ර ගුරු විද්‍යාවලට මේ වනවිට තැපැල් මගින් යොමු කිරීමට පියවර ගෙන ඇත.
එම ප්‍රවේශ පත්‍ර විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk වෙත පිවිස බාගත කරගැනීමේ පහසුකම ද සලසාදී තිබේ.


