දිස්ත්‍රික්ක 5කට නායයෑම් අනතුරු ඇඟවීම්

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ දිස්ත්‍රික්ක 5ක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.

අද (11) රාත්‍රී 9.00 දක්වා අදාළ බල පැවැත්වීම ක්‍රියාත්මක වන බව එම සංවිධානය සඳහන් කළේය.

ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ බස්සර, කුරුණැගල දිස්ත්‍රික්කයේ රිදීගම, මාතලේ දිස්ත්‍රික්කයේ නාවුල, අඹන්ගඟ කොරලේ, රත්තොට, මොනරාගල දිස්ත්‍රික්කයේ බඩල්කුඹුර‍, වැල්ලවාය, රත්නපුර දිස්ත්‍රික්කයේ ගොඩකවෙල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ අදියර 1 යටතේ විමසිලිමත්බවින් සිටින ලෙස දන්වා මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කළ බවය.

Leave a Reply

Your email address will not be published.