අලුත්ගම, මොරගල්ල වෙරළ තීරයේ ප්‍රධාන පෙළේ සංචාරක හෝටලයක් පිටුපස වෙරළ තීරයට ගොඩ ගසා තිබියදී කඳෙන් වෙන් වූ මිනිස් හිස කොටසක් සොයා ගෙන තිබේ.
අද (23) උදෑසන අලුත්ගම පොලිසියට ලද දුරකථන ඇමතුමකට අනුව සිදුකළ විමර්ශනවලදී මෙම මිනිස් හිස කොටස සොයා ගෙන ඇති බව වාර්තා වේ.
එය පිරිමි පුද්ගලයෙකුගේ වන බවට හඳුනා ගෙන ඇති අතර ඔහුගේ අනන්‍යතාවය පිළිබඳ කිසිඳු තොරතුරක් අනාවරණය වී නොමැති බවද සඳහන්.
සිද්ධිය සම්බන්ධයෙන් අලුත්ගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි


