අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ විතානගේ පාර ප්‍රදේශයේදී කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර තිබේ.

එහිදී නිවසක් තුළ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 728ක් සමඟ එම නිවසේ හිමිකාර කාන්තාව වූ වයස අවුරුදු 81ක් වන කොළඹ 02 ප්‍රදේශයේ පදිංචිකාරියක් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාරිය මේ වනවිට කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබේ.

මෙම වැටලීම සිදුකරන අවස්ථාවේ සැකකාරියගේ පුත්‍රයා නිවසේ සිට පලාගොස් ඇති අතර එම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කොම්පඤ්ඤවීදිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply

Your email address will not be published.