පොළොන්නරුවේ ගොවි නායකයින් සමග අද (01) පැවති සාකච්ඡාවකදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ මෙම ගැටලුවට විසඳුම් සෙවීම රජයේ ප්රමුඛ කාර්යය කරගත යුතු බවය.
සර්වජන බලයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා අද පෙරවරුවේ මැදිරිගිරිය ප්‍රදේශයට ගොස් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවීන් මුහුණපා සිටින ගැටලු සම්බන්ධයෙන් ගොවි නායකයින් සමග සාකච්ඡාවක නිරත වුණි.
එම අවස්ථාවට සර්වජන බලයේ උප සභාපති ආචාර්ය චන්න ජයසුමන, නියෝජ්‍ය ලේකම් රුෂාන් මලින්ද යන මහත්වරුන්ද එක්විය.
සර්වජන බලයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා,
“දැන් ගොවියා විහිළුවට පත් කරන තත්ත්වයට ඇවිත්. ගොවි ප්රශ්නය ගැන අපිට හොඳ අවබෝධයක් තියෙනවා. අපිට ගෝලීය තත්ත්වයටත් මුහුණ දෙන්න පුළුවන්. කලාපයෙන් එන තරගකාරී තත්ත්වයටත් මුහුණ දෙන්න පුළුවන්. ගොවියා ගොවි ව්‍යවසායකයා දක්වා ගෙනියන වැඩපිළිවෙළ අපි සංවාදයට ලක් කරලා තියෙනවා. මේක දැනට මේ රටේ තියෙන විශාලතම ජාතික ප්රශ්නය.”
“වෙන ප්‍රශ්න ඔක්කොම පැත්තකින් තියලා මේ ප්රශ්නය තමයි පළමු ප්රශ්නය කරගන්න ඕනේ. මොකද එක පැත්තකින් ගොවියා..අනෙක් පැත්තෙන් පාරිභෝගිකයා. දීර්ඝ කාලයක් තිස්සේ අපි රැකගෙන ආ අපේ ගොවි කෘෂිකාර්මික සභ්‍යත්වය පොන්නි සම්බාවලින් වහලා දාන්න හදනවා නම් ඒකට විරුද්ධවත් අපි කතා කරන්න ඕනේ.”


