ඉරානය සමඟ පැවති සටන්විරාමය අවසන් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසීමත් සමඟ අද (08) ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල 6%කට ආසන්න ප්‍රමාණයකින් එකවරම ඉහළ ගොස් තිබේ.
මින් මැදපෙරදිග කලාපයේ නැවතත් යුදමය තත්ත්වයක් ඇතිවීමේ සහ තෙල් සැපයුමට බාධා පැමිණීමේ බියක් හටගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි.
ඒ අනුව, බ්‍රෙන්ට් බොරතෙල් මිල 5.95% කින් ඉහළ ගොස් බැරලයක් ඩොලර් 78.50ක් වූ අතර, අමෙරිකානු (WTI) බොරතෙල් මිලද 5.95කින් ඉහළ ගොස් බැරලයක් ඩොලර් 74.60ක් දක්වා වැඩි වී ඇත.


