ජාත්‍යන්තර සම්මාන දිනූ මහේන්ද්‍ර පෙරේරා දිවයිනට

මැලේසියාවේ පැවති 9 වන ගෝල්ඩන් ග්ලෝබ් (Golden Globe Award) සම්මාන උළෙලේ දී විශිෂ්ට සම්මාන ද්විත්වයකින් පිදුම් ලැබූ ප්‍රවීණ රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා සහ රංගන ශිල්පී ප්‍රියන්ත සිරිකුමාර අද (26) පස්වරුවේ යළි දිවයිනට පැමිණියේය.

‘රිවස්ටන්’ චිත්‍රපටය වෙනුවෙන් ඔවුන් දෙදෙනා දැක්වූ සුවිශේෂී රංගනය හේතුවෙන් මෙම සම්මානය පිරිනමා තිබේ.

ඒ අනුව මහේන්ද්‍ර පෙරේරා හොඳම නළුවා ලෙසත්, ප්‍රියන්ත සිරිකුමාර හොඳම සහාය නළුවා ලෙසත් සම්මානය දිනාගෙන ඇත.

දිවයිනට පැමිණි ඔවුන් දෙදෙනාපිළිගැනීම සඳහා ‘රිවස්ටන්’ චිත්‍රපටයේ නිෂ්පාදිකා නිමන්ති පෝරගේ මහත්මිය ඇතුළු සිනමා ක්ෂේත්‍රයේ ශිල්පීන් විශාල පිරිසක් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටි බව අද දෙරණ වාර්තාකරු පැවසීය.

මෙම සම්මාන උළෙලේ විශේෂත්වය වන්නේ ලොව විවිධ සිනමා සම්මාන උළෙලවලදී සම්මානය නිර්දේශ වූ සිනමා නිර්මාණ පමණක් ඊට සහභාගි කර ගැනීමය.

Leave a Reply

Your email address will not be published.