වෙළඳ නෞකාවකින් බහාලුම් 17ක් මුහුදට වැටේ

කොළඹ වරායේ සිට බස්නාහිර දෙසින් නාවික සැතපුම් 17ක් පමණ දුරින් වූ මුහුදේදී වෙළඳ නෞකාවකින් හිස් බහාලුම් 17ක් මුහුදට වැටී පාවෙමින් පවතින බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

මෙම අනතුර සිදුව ඇත්තේ උතුරු අක්ෂාංශ 06 54’ සහ නැගෙනහිර දේශාංශ 079 32’ ට ආසන්න මුහුදු ප්‍රදේශයේදීය. 

පවතින මුහුදු දියවැල් ස්වභාවය අනුව මෙම හිස් බහාලුම් බේරුවල සිට මීගමුව හරහා පුත්තලම දක්වා වූ මුහුදු තීරයේ ගොඩබිම දෙසට පාවී ඒමේ වැඩි හැකියාවක් පවතින බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

එබැවින්, එම මුහුදු ප්‍රදේශවල රැකියාවේ නිරත වන සහ ගමන් කරමින් පවතින සියලුම බහුදින හා කුඩා ධීවර යාත්‍රා මේ පිළිබඳව දැඩි අවධානයෙන් හා සුපරීක්ෂාකාරීව කටයුතු කරන ලෙස දැනුම් දී ඇත.

යම් හෙයකින් මෙම පාවෙමින් පවතින බහාලුම් නිරීක්ෂණය වුවහොත්, වහාම ඒ පිළිබඳව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ ගුවන් විදුලි පණිවිඩ මධ්‍යස්ථානය වෙත හෝ ආසන්නතම ධීවර වරාය නිලධාරීන් වෙත දැනුම් දෙන ලෙස ද ඉල්ලා සිටී.

Leave a Reply

Your email address will not be published.