විදේශගතව සිටින සංවිධානාත්මක හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘ගඟන’ නැමැත්තාගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ප්‍රධාන පුද්ගලයා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පොලිස් විශේෂ කාර්ය බළකාය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
එම බළකායේ විශේෂ මෙහෙයුම් අංශයේ නිලධාරීන්ට ලද බුද්ධි තොරතුරකට අනුව මෙම වැටලීම හෝමාගම ප්‍රදේශයේ හයිලෙවල් මාර්ගයේ සිදු කර ඇති බව සඳහන්ය.
එහිදී සිදුකළ පරීක්ෂාවේදී සැකකරු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 02 කට අධික ප්‍රමාණයක් සහ මත්පෙති 800ක් නිලධාරීන් භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු 44 හැවිරිදි හෝමාගම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බව සඳහන්ය.
විදේශගතව සැඟවී සිටින ‘ගඟන’ නැමැත්තාගේ සෘජු උපදෙස් මත ඔහු මෙරට මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාලය ඉතා රහසිගතව දීර්ඝ කාලයක් තිස්සේ පවත්වාගෙන ගොස් ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු සහ මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර නීතිමය විමර්ශන කටයුතු සහ අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා හෝමාගම පොලිස් ස්ථානය වෙත භාර දී ඇති බව පොලිස් විශේෂ කාර්ය බළකාය පැවසීය.


