ඉන්දියාව සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් නම් කර තිබේ.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ටෙස්ට් තරග දෙකකින් සමන්විත තරගාවලියේ පළමු තරගය අගෝස්තු 15 සිට 19 දක්වා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
මෙම තරගාවලිය ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ 2025-2027 චක්‍රයට අයත් වේ.
ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය
ධනංජය ද සිල්වා – නායක
ලහිරු උදාර
නිශාන් මධුෂ්ක
කමිඳු මෙන්ඩිස් – උප නායක
දිනේෂ් චන්දිමාල්
පසිඳු සූරියබණ්ඩාර
සොනාල් දිනූෂ
නිරෝෂන් දික්වැල්ල – කඩුලු රකින්නා
රමේෂ් මෙන්ඩිස්
ප්‍රභාත් ජයසූරිය
කේශර නුවන්ත
මිලාන් රත්නායක
අසිත ප්‍රනාන්දු
ළහිරු කුමාර
විශ්ව ප්‍රනාන්දු
දිල්ෂාන් මධුෂංක


