2026 වසර සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ලබාදී ඇති රුපියල් බිලියන 2,402ක බදු ආදායම් ඉලක්කයෙන් මේ වනවිට සියයට 61ක පමණ ප්‍රමාණයක් රැස් කරගෙන ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ (බදු ප්‍රතිපත්ති සහ නීති සම්පාදන) කොමසාරිස් නන්දන කුමාර මහතා පවසයි.
“අද දෙරණ BIG FOCUS” වැඩසටහන එක්වෙමින් නන්දන කුමාර මහතා ඒ බව සඳහන් කළේය.
ඔහු සඳහන් කළේ, පසුගිය වසරට සාපේක්ෂව මේ වනවිට බදු ආදායම් රැස්කිරීම සියයට 16කින් පමණ ඉහළ ගොස් ඇති බවය.
ඒ අනුව, 2026 වසර සඳහා ලබාදී ඇති ඉලක්කගත බදු ආදායම සම්පූර්ණයෙන් ළඟා කර ගැනීමට හැකියාව ඇති බවට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විශ්වාස කරන බවද නන්දන කුමාර මහතා පැවසීය.
මේ අතර, බදු දැල පුළුල් කිරීම සඳහා පසුගිය කාලසීමාව තුළ විවිධ ක්‍රියාමාර්ග ගත් බවද ඔහු සඳහන් කළේය.
එහි ප්‍රතිඵලයක් ලෙස මේ වනවිට පුද්ගල ආදායම් බදු ලිපිගොනු මිලියන 1.2ක් හෙවත් ලක්ෂ 12ක් පමණ විවෘත කිරීමට හැකිවී ඇති බව නන්දන කුමාර මහතා පැවසීය.
ස්වේච්ඡාවෙන් බදු ලියාපදිංචි වූ පිරිස් මෙන්ම බලාත්මක ලියාපදිංචි කිරීම හරහා ලියාපදිංචි කළ පිරිස්ද එම සංඛ්‍යාවට ඇතුළත් වන බව ඔහු පෙන්වා දුන්නේය.
එමෙන්ම, බදු ගෙවීම සඳහා සමාගම් 130,000කට වැඩි ප්‍රමාණයක් මේ වනවිට ලියාපදිංචි වී ඇති බවද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු ප්‍රතිපත්ති සහ නීති සම්පාදන කොමසාරිස් නන්දන කුමාර මහතා,
“2026 අවුරුද්දට අපිට ඉලක්කයක් දීලා තිබුණා රුපියල් බිලියන 2402ක. මේ වෙනකොට අපි 60% ඉක්මවලා මේ ආදායම එකතු කර ගෙන තියෙනවා. ඒ කියන්නේ 61%ක් වෙනවා. මේ වෙනකොට ආදායම රැස්කිරීම සාපෙක්ෂව අපි අරගත්තොත් ගිය අවුරුද්දට සාපේක්ෂව 16%ක විතර වැඩියෙන් අපි ආදායම් රැස්කරගෙන තියෙනවා. ඒ අපි විශ්වාස කරනවා 2026 අවුරුද්දේ ඉලක්ක ගත ආදායම ළඟා කර ගැනීමේ හැකියාව තියෙනවා කියලා දෙපාර්තමේන්තුවට.
“පසුගිය කාලසීමාව තුළ බදු ගෙවන්න සංඛ්‍යාව පුළුල් කර ගැනීමේ අවශ්‍යතාවක් තිබුණා ඒ නිසා විවිධ ක්‍රියාමාර්ග දේශීය අදායම් දෙපාර්තමේන්තු විදිහට අනුගමනය කළා එකේ ප්‍රතිඵලයක් ලෙස මේ වෙනකොට මිලියන 1.2ක් ඒ කියන්නේ ලක්ෂ 12 පුද්ගල ආදයම් බදු ලිපිගොනු ප්‍රමාණයක් විවෘත කර ගැනීමට හැකියවයක් ලැබුණා.”
මේකට විවිධ ප්‍රවේශයවන් අපි අනුගමනය කළා එකක් තමයි ස්වෙච්ඡාවෙන් ලිපදිංචි වුණ බදු ගෙවන්න සංඛ්‍යාවක් මේ තුළ ඉන්නවා. තවත් කොටසක් බලාත්මක ලියාපදිංචි කිරීම හරහා ලියාපදිංචි කළා. එකේ ප්‍රතිඵලයක් ලෙස වාර්තා ඉදිරිපත් කිරීම සඳහා පුද්ගලයින් හැටියට අපි ගත්තොත් මිලියන 1.2 ඒ කියන්නේ ලක්ෂ 12ක ප්‍රමාණයක් ලියාපදිංචි වෙලා ඉන්නවා. සමාගම් 130,000කට වැඩි ප්‍රමායණයක් මේ වෙනකොට ලියාපදිංචි වෙලා ඉන්නවා. මේ බදු ගෙවීම සඳහා බදු දැල පුළුල් කිරීම කියලා අදහස් කරන්නේ බදු ගෙවනන් තමන්ගේ ආදායම් සීමාව ඉක්මලා තියෙනවානම් ස්වෙච්ඡාවෙන් ලියපංදිචි විය යුතුයි.”


