බදුල්ල රෝහලේ වෛද්‍යවරයා සියදිවි නසාගත්තා දැයි පොලීසියට සැකයක්

අතුරුදන්ව සිටි බදුල්ල ශික්ෂණ රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍ය ප්‍රභාත් අනුරාධ දයාරත්න මහතාගේ මෘත ශරීරය පොලිසිය අද (24) පෙරවරුවේ සොයාගෙන තිබුණි.

ඒ යුද හමුදාව හා පොලිසිය එක්ව සිදු කළ විශේෂ මෙහෙයුමකදි බදුල්ල – මහියංගනය  මාර්ගයේ 17 කණුව අසල වන ලැහැබක තිබියදීය.

බදුල්ල ශික්ෂණ රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයෙකු වන ප්‍රභාත් අනුරාධ දයාරත්න මහතා ඊයේ (23) පෙරවරුවේ සිටි අතුරුදන්ව ඇති බවට ලද තොරතුරකට අනුව පොලිසිය වහාම විමර්ශන ආරම්භ කළේය.

එහි ප්‍රතිඵලයක් ලෙස වෛද්‍යවරයාගේ මෝටර් රථය බදුල්ල – මහියංගනය මාර්ගයේ 17 කණුව මාපාකඩවැව ප්‍රදේශයේ තිබී ඊයේ (23) රාත්‍රියේ සොයාගෙන තිබුණි.

ඒ අනුව අතුරුදන් වූ වෛද්‍යවරයා සොයා පොලීසිය, යුද හමුදාව එක්ව එම ප්‍රදේශයේ ඒකාබද්ධ මෙහෙයුමක් දියත් කෙරිණි.

එහිදී අතුරුදන් වූ වෛද්‍යවරයාගේ මෘත ශරීරය එම ප්‍රදේශයේ වන ලැහැබක මීටර් 800ක් පමණ ඇතුළත තිබූ ගලක් මත තිබී සොාය ගෙන තිබුණේ අද (24) උදෑසනදීය.

එම ස්ථානයේ තිබි ඖෂධ වර්ග 3ක් ද පොලිසිය සොයා ගෙන තිබේ.

ඒ අනුව වෛද්‍යවරයා එම පෙති පානය කර සියදිවි නසා ගෙන ඇති බවට පොලිසිය සැක පළ කර සිටී.

එමෙන්ම ඔහු දීර්ඝ කාලයක සිට මානසික ආතතියට ඖෂධ ලබාගෙන ඇති බව ද පොලිසිය මේවන විට අනාවරණ කරගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මහියංගන පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.

Leave a Reply

Your email address will not be published.