කොළඹට සහ ගම්පහට ජල සැපයුම අත්හිටුවීමට හේතුව හෙළිවෙයි

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවීමට සිදුවුයේ පෞද්ගලික කර්මාන්ත ශාලාවකින් පරිසරයට මුදාහැර ඇති රසායනික ද්‍රව්‍යයක් නිසා බව ජාතික ජල සම්පාදනය හා ජලා ප්‍රවාහන මණ්ඩලය පවසයි.

එහි සභාපති, චන්දන බණ්ඩාර මහතා සඳහන් කළේ  ජලයට යම් අපද්‍රව්‍යයක් මුසුව ඇත්දැයි තහවුරු කරගන්නා තෙක් මෙලෙස ආරක්ෂාකාරී පියවරක් ලෙස හදිසියේ ජල සැපයුම අත්හිටවූ බවය.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ ආරක්ෂක අංශ එක්ව මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදුකරමින් පවතින බවද සභාපතිවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

ජාතික ජල සම්පාදනය හා ජලා ප්‍රවාහන මණ්ඩලය විසින්ද මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් පොලීසිය වෙත ඉදිරිපත් කර ඇතැයි ද පැවසු සභාපතිවරයා, ඉදිරියේ දී මේ සම්බන්ධයෙන් නීතිමය කටයුතු කිරීමට අදාළ ආයතන දැනුවත් කර ඇති බවද කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published.