ජලය යැයි සිතා හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් පානය කළ කුඩා දියණිය මරුට

ජලය යැයි රැවටී හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් (Hydrogen Peroxide) නැමැති රසායනික ද්‍රව්‍යය පානය කිරීමෙන් තුන් හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් ගම්පොළ, පුපුරැස්ස ඩෙල්ටාවත්ත ප්‍රදේශයෙන් වාර්තා වේ.

මෙලෙස මියගොස් ඇත්තේ වවුනියාව, චෙට්ටිකුලම ප්‍රදේශයේ පදිංචිව සිටි දිනේෂ්කාරම් හයනිකා නමැති දැරියයි. ඇය සිය පවුලේ එකම දරුවා බවද පැවසේ.

තම මව සහ පියා සමග ගම්පොළ, ඩෙල්ටාවත්ත ප්‍රදේශයේ පිහිටි ඥාති නිවසකට පැමිණ සිටි අවස්ථාවේදී දැරිය මෙම අනතුරට මුහුණ පා ඇත.

පවුලේ පිරිස එදින සවස නිවසින් පිටත කාලය ගත කරමින් සිට ඇති අතර, රාත්‍රී 8.00ට පමණ නිවස තුළට ගිය දැරිය ජනේල පඩිය මත තබා තිබූ බෝතලයක වූ අදාළ රසායනික ද්‍රව්‍යය ජලය යැයි සිතා පානය කර තිබේ.

Leave a Reply

Your email address will not be published.