ලොව අවම වැටුප් ලබන රටවල් අතර ශ්‍රී ලංකා 120 වන ස්ථානයේ පසුවන බව විෂුවල් කැපිටලිස් වෙබ් අඩවිය පවසයි.
ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ දත්තවලට අනුව රටවල පවතින මාසික වැටුප් සහ එම රටවල ක්‍රය ශක්තිය සංසන්දනය කරමින් මෙම ශ්‍රේණිගත කිරීම සිදු කර ඇත.
ඒ අනුව ශ්‍රී ලංකාවට පහළින් නයිජර්, භූතානය, හයිටි, ගිනියාව, ඝානා සහ ගැම්බියා යන රටවල් ශ්‍රේණිගත කර තිබේ.
මෙරට මාසික අවම වැටුප සමග ක්‍රය ශක්තිය ගැළපීමේදී එම අගය අමෙරිකානු ඩොලර් 200ක් ලෙසට අදාළ වාර්තාවේ දැක්වෙන අතර එය මෙරට මුදලින් 66,000කට ආසන්න අගයක් ගන්නා බව සඳහන්ය.
ආසියාවේ වැඩිම අවම වැටුප ලබන රටවල් අතර දකුණු කොරියාවේ ඉදිරියෙන්ම පසුවන අතර එම අගය අමෙරිකානු ඩොලර් 2366කි.
මෙම ශ්‍රේණිගත කිරීමේ ප්‍රථම ස්ථානයේ පසුවන ස්විට්සර්ලන්තය අවම වැටුප ලෙස අමෙරිකානු ඩොලර් 3804ක් ගෙවනු ලබයි.


