ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා අතර විශේෂ හමුවක් පවත්වා තිබේ.
ආර්ථිකය, ගෝලීය මූල්‍ය පද්ධතීන් සහ ඒවායේ අනාගත වර්ධන අපේක්ෂාවන් පිළිබඳව මෙම හමුවේදී පුළුල් ලෙස සාකච්ඡා කර ඇත.
මෙම හමුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉන්දීය මහ කොමසාරිස්වරයා සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා හමුවී ආර්ථික ප්රවණතා සහ ගෝලීය මූල්‍ය අනාගත අපේක්ෂා සාකච්ඡා කිරීමට ලැබීම සතුටට කරුණක් බවයි.
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා මේ සම්බන්ධයෙන් සිය නිල එක්ස් (X) ගිණුම හරහා සටහනක් තබා තිබේ.


