බිරිදගේ හිසට පොරවෙන් පහර දී සැමියා පොලීසිය වෙත භාර වූ පුවතක් නුවරඑළිය ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ.
පවුල් ආරවුලක් හේතුවෙන් බිරිදගේ හිසට පොරවෙන් පහර දී තුවාල සිදු කර තමන් පොලිසිය වෙත පැමිණි බව සැකකරු විසින් පොලීසිය හමුවේ පාපොච්චාරණය කර ඇත.
තුවාල ලබා සිටි බිරිද ප්‍රදේශවාසීන් විසින් නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කර ඇති අතර එහිදී ඇය මියගොස් ඇති බව පොලීසිය පැවසීය.
මෙලෙස මියගොස් ඇත්තේ නුවරඑළිය පොලිස් වසමට අයත් බොරලන්ද විනයාගපුරම් ප්‍රදේශයේ පදිංචි චිත්‍රා දේවි නම් 43 හැවිරිදි කාන්තාවකි.
මියගිය කාන්තාවගේ සිරුර පෂ්චාත් මරණ පරික්ෂනය සදහා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ තැම්පත් කර ඇති අතර, අත්අඩංගුවට ගත් 32 හැවිරිදි සැකකරු නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.


