මහියංගනය, අලුකැටියාව ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිටදී පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු පොලිසිය විසින් ඊයේ (11) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇත.
ඉකුත් 10 වැනිදා සිදුවූ මෙම අපරාධය සම්බන්ධයෙන් මහියංගනය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබුණි.
එම විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස අදාළ ඝාතනයට අවශ්‍ය කර සිටි ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබී ඇත.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ මාපාකඩවැව ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් මහියංගනය පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු පවත්වාගෙන යනු ලබයි.


