සැප්තැම්බර් මාසයේ ගතවූ දින 13ට ඩෙංගු රෝගීන් 2,146ක්

වසරේ ගතවූ කාලය තුළ මේ දක්වා ඩෙංගු රෝගීන් 97,637ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

එම ඒකකය සඳහන් කරනුයේ මෙම රෝගීන් අතුරින් 74 දෙනෙකු ජීවිතක්ෂයටද පත්ව ඇති බවය.

මේ අතර සැප්තැම්බර් මාසයේ ගතවූ දින 13ක කාලය තුළදී ඩෙංගු රෝගීන් 2,146ක් ද වාර්තා වී තිබේ.

සමස්ත ඩෙංගු රෝගීන් වාර්තාවීම සැලකීමේදි වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම රෝගීන් සංඛ්‍යාව 20,742කි.

මීට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 19,235ක්, මහනුවර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 7,291ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 6,247ක්ද වැඩි වශයෙන් වාර්තා වී ඇති දිස්ත්‍රික්ක අතරට අයත් වේ.

Leave a Reply

Your email address will not be published.