ශ්‍රී ලංකාවේ නව චීන තනාපති ලෙස පත් වූ වේයි හුවාෂියැං මහතා, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අතර හමුවක් අරලියගහ මන්දිරයේ දී සිදුව තිබේ.
පාසල් සිසුන් සඳහා නිල ඇඳුම් ලබාදීමට චීන රජයෙන් ලැබෙන සහාය සෑම පාසල් වසරක් ආරම්භයේදීම නිසි වේලාවට නිල ඇඳුම් ලබාදීමට හැකි වන පරිදි වසර 3 සිට 5 දක්වා වන දීර්ඝකාලීන රාමුවක් ඔස්සේ ක්‍රියාත්මක කිරීමේ හැකියාව පිළිබඳව එහිදී දෙපාර්ශ්වයේ අවධානය යොමුව තිබේ.
අධ්‍යාපන ක්ෂේත්රය ඩිජිටල්කරණය කිරීමේ පියවරක් ලෙස, චීන ආධාර යටතේ ක්‍රියාත්මක ඩිජිටල් අධ්‍යාපන ව්‍යාපෘතියේ ප්‍රගතියද මෙහිදී සමාලෝචනය කෙරුණු අතර මේ යටතේ දිවයින පුරා පිහිටි ඩිජිටල් පන්ති කාමර 500ක් සඳහා ස්මාර්ට් උපාංග 900ක් ලබාදීමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාලය සදහන් කළේය.
චීන රජයේ ශිෂ්‍යත්ව ක්‍රමය සහ චීන තානාපති ශිෂ්‍යත්ව ක්‍රමය ඔස්සේ ශ්‍රී ලාංකික සිසුන්ට හිමිවන උසස් අධ්‍යාපන අවස්ථා මෙන්ම, ළමුන්ගේ අන්තර්ජාල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා කලාපීය හා ජාත්‍යන්තර මට්ටමින් එක්ව කටයුතු කිරීමේ වැදගත්කම ද මෙහිදී සාකච්ඡාවට ලක්වී තිබේ.


