ඔක්තෝබර් මාසයට අදාළව ලිට්‍රෝ ගෑස් මිලේ වෙනසක් නෑ

ඔක්තෝබර් මාසයට අදාළව ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය නොකිරීමට තීරණය කර ඇති බව ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම අද (04) නිවේදනය කළේය.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4,365ක් වෙයි.

කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,750කි.

එමෙන්ම කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 815ක් වෙයි.

Leave a Reply

Your email address will not be published.