අනෝජන් නිදහස් කරගැනීමේ සාකච්ඡාවට මෙරට නීතිඥ කණ්ඩායම එක්වෙයි

සෞදි අරාබියේදී මරණ දඬුවම හිමිව සිටින සිවරාසා අනෝජන්ගේ දණ්ඩනයට ඉවත් කරගැනීම සඳහා වන සාකච්ඡාවකට මෙරට නීතිඥ කණ්ඩායම එක්ව සිටිති.

ඒ අනුව ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම, ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා සහ අතිරේක සොලිසිටර් ජනරාල් අසාද් නවාවි යන මහත්වරුන් ඊට එක්ව සිටින බව සඳහන්ය‍.

තව ද ජෙඩාහි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් විනිසුරු එම්.ටී මොහොමඩ්, නීතිඥ ෆාරිස් ෆසාල් අබ්දුල් හෆීල් මොහොමඩ් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාපාගේ සම්බන්ධීකරණ ලේකම් මොහොමඩ් රියාස්ඩීන් සිල්මි යන අය ද මෙම දූත මණ්ඩලය නියෝජනය කරනු ලබයි. 

Leave a Reply

Your email address will not be published.