අපවත්වී වදාළ කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමිගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්ස්වය එළැඹෙන 21වැනිදා ප.ව. 4ට මහනුවර, ගැටඹේ නාගරික ක්රීඩාංගණයේදී සිදුකිරීමට ආදාහන කමිටුව තීරණයර ඇත.
කලක් රෝගාතුරුව සිටි උන්වහන්සේ මහනුවර පෞද්ගලික රෝහලක ප්රතිකාර ලබමින් සිටියදී අද උදෑසන අපවත්වූහ.
අතිපූජ්ය කැප්පෙටියාගොඩ සිරිවිමල අනුනායක හිමිපාණන් වහන්සේ ශ්රී ලංකා රාමඤ්ඤ මහනිකායේ අනුනායක හිමියෝද වන අතර, අපවත් වනවිට 96 වැනි වියෙහි වූහ.


