කෙටි කාලයක් තුළ ඉහළ තීව්‍රතාවයකින් යුත් වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් ක්ෂණික ගංවතුර තත්ත්වයන් ඇතිවිය හැකි බැවින් ජනතාව දැඩි අවධානයෙන් පසුවිය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
විශේෂයෙන්ම ගංගා ආශ්‍රිතව සහ පහත්බිම්වල ජීවත් වන ජනතාව මෙන්ම මාර්ග භාවිත කරන පුද්ගලයින් ද තම ප්‍රදේශවලට ලැබෙන වර්ෂාපතනය පිළිබඳ නිරන්තර අවධානයෙන් පසුවිය යුතු බව එම දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්යක්ෂ ඉංජිනේරු එල්. එස්. සූරියබණ්ඩාර මහතා පැවසීය.
ඉදිරි දින කිහිපයේදීත් සැලකිය යුතු තද වැසි ඇතිවීමේ ප්‍රවණතාවක් පවතින බැවින් වාරිමාර්ග දෙපාර්තමේන්තුව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ අදාළ ආයතන නිකුත් කරන නිවේදන පිළිබඳ දැඩි අවධානයෙන් පසුවන ලෙස ද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහද් දැක්වූ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ ඉංජිනේරු එල්.එස්. සූරියබණ්ඩාර මහතා,


