නාවික හමුදාව විසින් දිවයිනේ මුහුදු සීමාව ආවරණය වන පරිදි සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදී නීතිවිරෝධී ක්‍රම භාවිත කරමින් ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයන් 61 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
නැගෙනහිර, උතුරු මැද සහ වයඹ නාවික විධානයන් විසින් නොවැම්බර් පළමුවැනිදා සිට 15 වැනිදා දක්වා කාලය තුළ මෙම මෙහෙයුම් සිදුකර ඇත.
එමෙන්ම, මෙම මෙහෙයුම්වලදී ඩිංගි යාත්‍රා 18ක් ද නාවික හමුදා භාරයට ගෙන තිබේ.
ත්‍රිකුණාමලය පොල්මල්කුඩා, නීලක්කේණී, කෝනේෂ්වරම්, කොකනට් පොයින්ට්, ෆවුල් පොයින්ට්, ෆ්ලෑග් ස්ටාෆ් සහ සල්ලිකෝවිල් යන ප්‍රදේශවල මෙන්ම මුලතිව් නයාරු සහ පුදුමාතලන්, මන්නාරම තාවුල්පාඩු, පේසාලෙයි සහ ඌරුමලෙයි, පුත්තලම නොරොච්චෝලෙයි සහ කරුකපනේ යන වෙරළ හා මුහුදු ප්‍රදේශ ආවරණය වන පරිදි මෙම මෙහෙයුම් සිදුකර ඇති බව ද සඳහන් වේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන්, ධීවර යාත්‍රා සහ තහනම් ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා එච්චලම්පත්තු, කොඩ්බේ, මුලතිව්, මන්නාරම සහ පුත්තලම යන ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාල වෙත මෙන්ම පුල්මුඩේ පොලිස් ස්ථානය වෙත ද භාරදීමට කටයුතු කර ඇත.


