ආඝාත රෝගීන්ගේ ඉහළ යෑමක් ගැන අනාවරණයක්

ආඝාත රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බව කැලණිය විශ්වවිද්‍යාලයේ ස්නායු වෛද්‍ය ඒකකයේ මහාචාර්ය උදය රණවක මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ පසුගිය දශකයක කාලයේ දත්ත විශ්ලේෂණය කිරීමේදී මෙම තත්ත්වය තහවුරු වන බවය.

ජාතික ආඝාත සංගමය ඊයේ (26) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහාචාර්ය උදය රණවක මහතා මේ බව කියා සිටියා.

“අපේ කලාපයේ තියෙන ආඝාත ප්‍රවණතාවය ගත්තොත්, ශ්‍රී ලංකාවේ අපි හුඟාක් වැඩි ප්‍රවණතාවයක් තියෙනවා. අපේ ගම්වල, ප්‍රදේශවල ජීවත් වෙන ජනගහනය ගත්තොත්, අපේ ගෙවල්වල ඉන්න අය ගත්තොත්, දහදෙනෙකුගෙන් එක්කෙනෙකුට ආඝාතයක් හැදිලා තියෙනවා අපි කරලා තියෙන සමීක්ෂණවලින් අපිට අවබෝධ වෙලා තියෙන හැටියට. ආඝාත රෝගීන්ට අවශ්‍ය නිසි ප්‍රතිකාර ලබා දෙන්න අවශ්‍ය ආඝාත ඒකක ශ්‍රී ලංකාවේ දැනට දහයක් පමණයි තියෙන්නේ. අපිට මීට වඩා විශාල ප්‍රමාණයක් අවශ්‍යයි. අඩුම ගානේ හැම දිස්ත්‍රික්කයකටම, හැම ප්‍රධාන රෝහලකටම එකක් බැගින්වත්. ඒ වගේම ආඝාතයට මුල් අවධියේම ප්‍රතිකාර කරන්න පුළුවන් බෙහෙත් තියෙනවා, ඖෂධ තියෙනවා. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙන්න පුළුවන් රෝහල් කිහිපයයි තාම තියෙන්නේ. මේවා සියල්ලම අපි දියුණු කරන්න ඕනේ. අපේ රෝහල්වලට ඇතුළු වෙන ආඝාත රෝගීන් බැලුවොත් විශාල වැඩිවීමක් තියෙනවා ආඝාත රෝගීන් ඇතුළු වීමේ ප්‍රවණතාවයේ. ශ්‍රී ලංකාවේ සියයට හැත්තෑපහක් විතර මොළයේ නහර අවහිර වීමෙන් ඇතිවන ආඝාත තමයි තියෙන්නේ.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *