කටුනායක පොලිස් වසමේ මහගම, හීනටියන ප්රදේශයේ කඩුවකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.
ඝාතනයට ලක්වූ පුද්ගලයා 38 හැවිරිදි මහගම, හීනටියන ප්රදේශයේ පදිංචි ත්රීරෝද රථ රියදුරෙකි.
ඔහු ඊයේ (17) රාත්රී කාලයේදී ත්රීරෝද රථයට ඉන්ධන ලබාගැනීම සඳහා යන බවට නිවැසියන්ට දන්වා ඉන්ධන හල වෙත ගොස් තිබුණි.
ඒ, යන අතරතුරදී වෙනත් ත්රීරෝද රථයකින් පැමිණි පිරිසක් එම පුද්ගලයාට කඩුවලින් පහරදී පළාගොස් ඇත.
කඩුවලින් පහර කෑමට ලක්වූ පුද්ගලයා මීගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.
පුද්ගලික ආරවුලක් මත මෙම ඝාතනය සිදුව ඇති බව අනාවරණය වී ඇති අතර, ඝාතනය සිදුකළ පුද්ගලයින් කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලීසිය පවසයි.
ඝාතනය සිදුකළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කටුනායක පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.