ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත්ව සිටින ශ්‍රී ලංකාවේ ජනතාවට තමන්ගේ සමීප බව ප්‍රකාශ කරන බවත් තමන් ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් සියලු දෙනා සමඟ එක්ව යාඥා කරන බවත් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස්කෝ පාප් වහන්සේ සදහන් කරයි.
වතිකානයේ අපෝස්තලික මාලිගාවේ සිට ඉරිදා යාඥාව සිදු කරමින් මේ බව ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
2015 වසරේ ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ සංචරයක නියැලි ෆ්‍රැන්සිස් පාප්වහන්සේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් නිදහස ලැබීමෙන් පසු ශ්‍රී ලංකාව දරුණුතම ආර්ථික බිඳවැටීමකට ලක්ව තිබේ. ඒ සමඟින් දැඩි විරෝධතා ද ජනතාවගෙන් මතුව තිබෙන බව උන්වහන්සේ සිහිපත් කර සිටියි.
නැවත වරක් ශ්‍රී ලංකාවේ ජනතාවට තමන්ගේ සමීප බව ප්‍රකාශ කරන බවත් තමන් ශ්‍රී ලංකාවේ ජනතා වෙනුනේ සියලු දෙනා සමඟ එක්ව යාඥා කරන බවත් උන්වහන්සේ සදහන් කරයි.
දැනට හටගෙන ඇති අර්බුදකාරී තත්ත්වයට සාමකාමී විසදුමක් ලබාදෙන ලෙස උන්වහන්සේ සියලුම පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටි අතර දුප්පත් ජනතාවට හිතකර සියලු වැසියන්ගේ අයිතීන් තහවුරු කරමින් එය සිදුකළ යුතු බව ශුද්ධෝත්තම පාප්වහන්සේ සදහන් පැවසීය.