එළඹෙන සඳුදා (25) සිට නැවත දැනුම්දෙන තුරු සතියේ සඳුදා, අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා යන දින 3 පමණක් සාමාන්‍ය වේලාවන්හීදි පාසල් පැවැත්විය යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත
නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කරන්නේ පාසල් නොපැවැත්වෙන බදාදා සහ සිකුරාදා දිනවලදී සිසු සිසුවියන්ට නිවසේ සිට ඉගෙනුම් ක්‍රියාකාරකම් ලබාදීම හෝ මාර්ගගත ක්‍රමයට ඉගැන්වීම් සිදුකළ යුතු බවයි