ජූලි මාසයේ පමණක් 8,000ක් හමු වෙලා 25 සඳුදා විශේෂ ඩෙංගු මර්දන දිනයක් කරනවා සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් – වෛද්‍ය අසේල ගුණවර්ධන
මේ වසර තුළ මේ වන විට දිවයින පුරා ඩෙංගු රෝගීන් 43,000කට අධික සංඛ්‍යාවක් හමු වී ඇති බවත්, ජූලි මාසය තුළදී පමණක් රෝගීන් 8,000කට ආසන්න ප්‍රමාණයක් හමු වී ඇති හෙයින් ලබන 25 වැනි සඳුදා විශේෂ ඩෙංගු මර්දන දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරන බවත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.
වර්තමානයේ රට පුරා ඩෙංගු රෝගය අධි වසංගත තත්ත්වයක් ලෙස පැතිර යෑමේ අවදානමක් නිරීක්ෂණය වෙමින් පවතින බවද හෙතෙම සඳහන් කළේය.
කීට විද්‍යා සමීක්ෂණ වාර්තා අනුව රජයේ සහ පෞද්ගලික ආයතන, පාසල්, ඉදිකිරීම් පරිශ්‍ර, කාර්යාල සහ වෙනත් පොදු ස්ථාන මදුරුවන් බෝ වීමේ අවදානම වැඩි ස්ථාන ලෙස හඳුනාගෙන ඇති බව ද හෙතෙම වැඩිදුරටත් පැවසීය. ඩෙංගු මදුරුවන් දෂ්ටනයේ යෙදෙන උදෑසන සහ සවස් කාලය තුළදී ඉහත සඳහන් පරිශ්‍ර ආශ්‍රිතව ජනතාව ගැවසෙන ක්‍රියාකාරම් බහුල බැවින් ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම වැළැක්වීම සහ වහාම පාලනය කිරීම සඳහා 25 වැනි සඳුදා මෙසේ විශේෂ ඩෙංගු මර්දන දිනයක් ලෙස නම් කරන බව ඒ මහතා පැවසීය. ඩෙංගු රෝගය අධි වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය නොවී පාලනය කිරීම සඳහා සියලු දෙනාම සිය දායකත්වය දක්වනු ඇතැයි අපේක්ෂා කරන බවද වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.