පාස්කු වින්දිතයින්ට මුදල් පරිත්‍යාගයක්

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයින්ගේ සුබසිද්ධිය සඳහා ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ විසින් යුරෝ ලක්ෂයක මුදලක් පරිත්‍යාග කර තිබේ.

එම මුදලේ මෙරට වටිනාකම රුපියල් මිලියන 36කට අධිකය.

එම පරිත්‍යාග මුදල වින්දිත පවුල් අතරේ බෙදාදීම අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන්ගේ ප්‍රධානත්වයෙන් අද (13) කටුවාපිටිය සාන්ත සෙබස්තියන් දේවස්ථානයේදී ආරම්භ කෙරුණි.

අදාළ පරිත්‍යාගයෙන් රුපියල් මිලියන 25ක මුදලක් කටුවාපිටිය සහ කොච්චිකඩේ දේවස්ථානයන්හි සිදූවු බෝම්බ පිපිරීම්වලින් වින්දිතභාවයට පත් පවුල් සඳහා ද, රුපියල් ලක්ෂ 30ක මුදලක් මඩකලපුව සියොන් දේවස්ථානයේ සිදුවූ බෝම්බ පිපිරීමෙන් වින්දිතභාවයට පත් පවුල් සඳහා ද බෙදාදීමට නියමිතය.

එම අවස්ථාව සඳහා අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන් සහ ශ්‍රී ලංකාවේ වතිකාන තානාපති අතිඋතුම් බ්‍රයන් උඩයිග්වේ රදගුරු හිමියන් එක්වී තිබුණි.

Leave a Reply

Your email address will not be published.