ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම ලබන 24 වනදා මෙරටට පැමිණීමට නියමිතයි.
ලබන 31 වනදා දක්වා ඔවුන් මෙරට රැඳී සිටින අතර, එම කාලය තුළදී ශ්‍රී ලංකාවේ ආර්ථික හා මූල්‍ය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ සාකච්ඡා සිදු කෙරෙනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් සහ එහි ශ්‍රී ලංකාව සම්බන්ධව කටයුතු කරන මෙහෙයුම් ප්‍රධානී මසයිරෝ නොසාකි මෙරටට පැමිණෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායමේ නායකත්වය දරනු ලබනවා.
ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණීම සහ එහි ප්‍රගතිය විමසීම මෙම සංචාරයේ අරමුණ බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කළේ.
මෙරට ණය තිරසාර භාවය යථා තත්වයට පත් කිරීම සඳහා ණය ප්‍රතිව්‍යුහගත කිරීම හෝ නැවත ගොනු කිරීම අවශ්‍ය වන බැවින් ඒ සඳහා විධායක මණ්ඩලයක අනුමැතිය ලබාගැනීමට ද කටයුතු කරන බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.
මෙම නියෝජිත කණ්ඩායම මෙරට රැඳී සිටින කාලය තුළ දී රජයේ නියෝජිතයින්ට අමතරව පාර්ශ්ව රැසක් හමුවීමට ද නියමිතයි.
එමෙන්ම මෙම සංචාරය අතරතුර දී ශ්‍රී ලංකාවේ ණය හිමියන්ගේ ප්‍රමාණවත් සහතිකයක් ද තම කණ්ඩායමට අවශ්‍ය බව ද අයි.එම්.එෆ්. කණ්ඩායම ලක් රජයට දැනුම්දී තිබෙනවා.
මේ අතර ඉන්දීය විදේශ අමාත්‍ය ජෛයිශංකර් පසුගියදා ප්‍රකාශ කළේ, අයි.එම්.එෆ්. සහාය ලබා ගැනීම සඳහා හා ශ්‍රී ලංකාව ගොඩගැනීම සඳහා පූර්ණ වශයෙන් සහයෝගය තවදුරටත් ශ්‍රී ලංකාවට ලබාදීමට තම රට සූදානම් බවයි.
නමුත් අයි.එම්.එෆ්. පෙර සඳහන් කළේ, නිසි ආර්ථික ප්‍රතිපත්තියක් සකසන තෙක් ශ්‍රී ලංකාවට ණය දීම හෝ ණය ප්‍රතිව්‍යූහගත කිරීමක් සිදු නොකිරීමට බලාපොරොත්තු වන බවයි.
එවන් පසුබිමකදියි, අයි.එම්.එෆ්. කණ්ඩායම නුදුරේදී දිවයිනට පැමිණෙන්නේ.
2022-08-20