ඉන්දීය සාගරයේ රිච්ටර් මාපක 6.0ක ප්‍රබල භූමිකම්පාවක් අද (1) පෙරවරුවේ ඇතිවූ බව අමෙරිකා එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) පවසයි. දකුණු ඉන්දීය සාගරයේ ගිනිකොනදිග කඳු වැටියේ කිලෝමීටර් 10ක් ගැඹුරින් මෙය සිදුව ඇත. මෙම ප්‍රදේශය ජනාකීර්ණ නොවන අතර, කිසිදු සුනාමි අනතුරු ඇඟවීම් හෝ උපදේශන ද නිකුත් කර නොමැත.Continue Reading

කලවාන, දෙල්ගොඩ ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබේ. තුවාල ලැබූවන් මේ වනවිට ප්‍රතිකාර සඳහා රත්නපුර රෝහලට ඇතුළත් කර ඇත.Continue Reading

යාපනය විශ්වවිද්‍යාල පරිශ්‍රයෙන් මැගසින් දෙකක් සොයාගෙන තිබේ. එම විශ්වවිද්‍යාලයේ පුස්තකාලයේ සිවිලිමේ සඟවා තිබියදී මෙම මැගසින් හමුව ඇති අතර, එම ස්ථානයේ තිබී වයර් රෝලයක්ද හමුව ඇත. මේ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල පරිපාලනය කෝපායි පොලිසියට දැනුම්වත් කර තිබේ. කෝපායි පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.Continue Reading

රුපියල් කෝටි තුනහමාරක පමණ වටිනාකමක් ඇති හෙරොයින් තොගයක් වත්තල පොලිස් වසමේ පල්ලියවත්ත ප්‍රදේශයේදී වැටලීම සම්බන්ධයෙන් තවත් තොරතුරු අනාවරණය වී තිබේ. විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම සඳහා වන රජයේ නව වැඩපිළිවෙල හෙවත් ‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ මෙම වැටලීම සිදුකර තිබුණි. ඒ අනුව ඊයේ (30) සවස සිදුකළ මෙම වැටලීමේදී අත්අඩංගුවට ගෙනContinue Reading

බොක්කාවල පොලිස් වසමේ රඹුකේවෙල ප්‍රදේශයේ ඊයේ (30) රාත්‍රියේ විදුලි සැර වැදී සිදු වූ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇත. විදුලි හීටරයක් ස්පර්ශ වී ඇය මෙලෙස මියගොස් ඇති බව දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 35ක් වූ රඹුකේවෙල, මහනුවර ප්‍රදේශයේ පදිංචිකාරියක්ය. සිද්ධිය සම්බන්ධයෙන් බොක්කාවල පොලීසිය වැඩිදුරContinue Reading

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අද (31) උදෑසන 8.00 සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් තාවකාලිකව අත්හිටුවා තිබේ. නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පවසා සිටියේ, සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර ඊයේ (30) රාත්‍රියේ පැවති විශේෂ සාකච්ඡාවේදී ඇති වූContinue Reading

මාස තුනකට අධික කාලයක් පුරාවට තවමත් පිහිටුවා නොමැති සීතාවක ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීම සඳහා සභා වාරයක් කැඳවන ලෙසට එම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් පිරිසක් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. මන්ත්‍රීවරුන් පිරිසක් විසින් මෙම ගැටලුව සම්බන්ධයෙන් සංදේශයක් මැතිවරණ කොමිෂන් සභාව, ආණ්ඩුකාර කාර්යාලය සහ රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය වෙතContinue Reading

සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල පස්වරු 4 න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවය.Continue Reading

අවශ්‍ය කරන සැකකාරියක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය පතයි. රුපියල් මිලියන 150ක් වටිනා ඉඩමකට ව්‍යාජ ලේඛණ සකස් කර දේපල අත්පත් කර ගැනීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශ 03 මඟින් විමර්ශන ආරම්භ කර තිබුණි. අදාළ සිද්ධියට සම්බන්ධ සැකකාර කාන්තාව අන්අයෙකු ලෙස පෙනී සිටිමින් ව්‍යාජ ඔප්පුවෙහි අත්සන් කරContinue Reading

පොදු දේපළ පනත යටතේ චෝදනා ඉදිරිපත් කර ගොනුකර ඇති නඩුවට ඉදිරිපත් වීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ තිබේ.Continue Reading