නුවරඑළිය ඩිපෝවට අයත් ගාල්කර තිබූ බස් රථයක එංජිමට යූරියා පොහොර දැමීමක් සම්බන්ධයෙන් නුවරඑළිය හයිෆොරස්ට් පොලීසිය මගින් විමර්ශනයක් ආරම්භ කර ඇත. නුවරඑළියේ සිට හයිෆොරස්ට් දක්වා දිනපතා ධාවනය වන බස් රථයකට මෙලෙස යූරියා පොහොර දමා තිබේ. එම බස් රථය හයිෆොරස්ට් ප්‍රදේශයේ ගාල් කර තිබියදී ඉකුත් 12වනදා රාත්‍රියේ කිසියම් පුද්ගලයෙකු විසින් එංජිම තුළට මෙලෙසContinue Reading

මොරටුව පිළියන්දල මාර්ගයේ කොස්පෑලෑන පාලම අසල බොල්ගොඩ ගඟේ පාවෙමින් තිබියදී පුද්ගල මළ සිරුරක් සොයා ගෙන තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 46ක් වන සිව් දරු පියෙකි. බොල්ගොඩ ගඟේ මළ සිරුරක් ඇතැයි පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ලැබුණු පණිවිඩයකට අනුව මෙම මළ සිරුර සොයා ගෙන ඇත.  මෙම පුද්ගලයා මීට දින දෙකකට ඉහතContinue Reading

මාස හතරකට අධික කාලයක් කණ්ඩලම වැව ඉස්මත්තේ වෙඩි වැදීමකින් තුවාල ලබා සිට ජීවිතයට සමුදුන් ‘කණ්ඩලමේ හැඩකාරයා’ නමින් හඳුන්වනු ලැබූ වනඅලියා වෙනුවෙන් පිං අනුමෝදනාවක් සිදුකර තිබේ. අද (14) පෙරවරුවේ සිට විශාල ප්‍රදේශවාසීන් පිරිසක් වන අලියාගේ මළ සිරුර දැක බලා ගැනීම සඳහා එහි පැමිණ සිටි අතර ඔවුන් දැඩි සංවේගයට පත් වී සිටිContinue Reading

පාතාලය හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සහාය දුන් දේශපාලනඥයින් මේ වනවිටත් හඳුනාගෙන ඇති බව පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි. ඔවුන්ට එරෙහිව ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් පොලිස්පතිවරයා සඳහන් කළේය. 37 වැනි පොලිස්පතිවරයා ලෙස ධුරයේ වැඩ ආරම්භ කරමින් ඔහු අද (14) මේ බව පැවසීය.Continue Reading

මහනුවර පොලිස් වසමේ පොල්ගොල්ල ප්‍රදේශයේ මහවැලි ගඟෙහි තිබී නාඳුනන මළ සිරුරක් හමු වී තිබේ. මහනුවර පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇති අතර මරණකරුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැත. මෘත ශරීරය නරක් වී ඇති අතර උඩුකයට නිල් පැහැති ටී ෂර්ට් එකක් සහ යටිකයට නිල් පැහැති ඩෙනිම් කලිසමක් හැද සිටිනContinue Reading

වායු සමීකරණ උපකරණ තුළ සඟවා තායිලන්තයේ සිට මෙරටට ගෙන එන ලද රුපියල් කෝටි හතරක් පමණ වටිනාකමින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් සිය භාරයට ගෙන තිබේ. පෑලියගොඩ නුගේ පාර වරාය බහාලුම් අංගනයක බහලුමක් තුළ තිබී කිලෝග්‍රෑම් 6කට අධික කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගත් බව මධ්‍යම අපරාධ විමර්ශනContinue Reading

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස 2න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය බවය. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, වයඹ සහContinue Reading

මිනුවන්ගොඩ කොටුගොඩ ප්‍රදේශයේදී නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනකු පුද්ගලයකු ඉලක්ක කර අද (13) පස්වරුවේ වෙඩිතැබීමක් සිදුකර තිබුණි. ඔවුන්ගේ ඉලක්කය වී තිබුණේ දිලීප ලක්මාල් හෙවත් ‘පස් දිලීප’ නමින් හඳුන්වන පුද්ගලයෙකුවය. ඔහුගේ කුඩා දරුවන් ඉදිරිපිට මෙම වෙඩිතැබීම සිදුවී ඇති අතර නිවැසියන් පවසන්නේ ආරක්ෂක අංශ භාවිත කරන ශාරීරික සුවතා ඇඳුමට සමාන ඇඳුමකින් සැරසී වෙඩික්කරුවන් පැමිණි බවය.Continue Reading

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කර තිබේ. මීට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් නව පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා වෙත ජනාධිපති කාර්යාලයේදී අද (13) පස්වරුවේ භාරදුනි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රමContinue Reading

ව්‍යාජ ලබුබු බෝනික්කන් මඟින් හුස්ම හිරවීමේ අවදානමක් ඇති කළ හැකි බවට විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. ළමයින්ට බරපතළ අවදානමක් ඇති කළ හැකි මෙම ව්‍යාජ ලබුබු බෝනික්කන් විකිණීමේ යෙදෙන වෙළෙදුන්, වෙ‍ෙළඳ ප්‍රමිති ආයතනය විසින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවට නිලධාරීන් අනතුරු අඟවා තිබේ. විදෙස් වෙළෙඳ ප්‍රමිති නිලධාරීන් පවසා ඇත්තේ, චීන නිෂ්පාදිතContinue Reading