අද (28) උදෑසන තායිලන්තයේ, බැංකොක් අගනුවර ජනප්‍රිය ආහාර වෙළෙඳපොළක් තුළ සිදුවු සමූහ වෙඩිතැබීමකින් එහි සිටි ආරක්ෂක නිලධාරීන් සිව්දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. වෙඩිතැබීමෙන් තවත් අයෙක් තුවාල ලබා ඇති අතර, පොලීසිය වෙඩිතැබීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇත. වෙඩිතැබීම සිදුකළ පුද්ගලයා සියදිවි නසාගෙන ඇති බව ද එරට ආරක්ෂක අංශ තහවුරු කර තිබේ.Continue Reading

බස්නාහිර පළාත තුළ සහ අධිවේගී මාර්ගවල අද (28) සිට Govpay හරහා ස්ථානීය දඩ අය කරගැනීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කර තිබේ. මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා මේ බව කියා සිටියේය. දඩ ගෙවීමේ දී මුදලේ කිසිදු වෙනසක් සිදුව නොමැති අතර, ස්ථානීයContinue Reading

මාලදිවයිනේ රාජ්‍ය සංචාර‍ය ආරම්භ කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (28) පෙරවරුවේ වෙලානා ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ළඟා වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.  එහිදී මාලදිවයිනේ ජාතික ආරක්ෂක බලකායේ උත්තමාචාර මධ්‍යයේ එරට ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු (Dr Mohamed Muizzu) මහතා විසින් ජනාධිපතිවරයා මහත් හරසරින් යුතුව පිළිගනු ලැබීය.   ජනාධිපතිවරයා පිළිගැනීමContinue Reading

ඛනිජ තෙල් සංස්ථාවේ සිට ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන ප්‍රවාහනය කිරීමේදී බවුසර් සඳහා වැයවන ප්‍රවාහන ගාස්තු ඉදිරියේදී අඩු වනු ඇතැයි තමන් අපේක්‍ෂා කරන බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසනවා. එහි සම ලේකම් ඩී වී ශාන්ත සිල්වා මහතා පැවසුවේ ඊට අදාළ යෝජනාව අද දිනයේ ඛනිජ තෙල් සංස්ථාවට ලබාContinue Reading

කොම්පඤ්ඤවීදිය, මෝගන් පාර ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී නීතිවිරෝධීව මෙරටට රැගෙන විත් තිබූ දුම්වැටි 40,000 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදීයි. එහිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහුගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම් හමුවේ තවත් දුම්වැටි 40,000 ක් සොයාගෙන තිබෙනවා. එම දුම්වැටිContinue Reading

හෝමාගම අධිකරණයේ නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් තිලිණි ප්‍රියමාලිව අත්අඩංගුවට ගෙන තිබේ. ඒ හෝමාගම පොලීසිය විසිනි.Continue Reading

ජාතික ජන බලවේගයේ වැලිගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී තාරක නානායක්කාරගේ නිවසට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ 33 හැවිරිදි සැකකරු මාතර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බවයි. පසුගිය 16 වනදා අලුයම 4.40ට පමණ යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර පලාගොස් තිබුණි. ඒContinue Reading

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් විටින් විට හමන පැ.කි.මී. 40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.Continue Reading

තායිලන්තය සහ කාම්බෝජය අතර හටගෙන ඇති දේශසීමා ගැටුම් ගැන සාකච්ඡා පැවැත්වීමේ මැදිහත්කරුවෙක් ලෙස මැලේසියාව එක්කර ගැනීමට එම රටවල් එකඟවී තිබේ. මැලේසියා විදේශ අමාත්‍ය මොහොමඩ් හසන් එරට රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය හරහා මේ බව තහවුරුකර ඇත. ඒ අනුව කාම්බෝජ අගමැති හුන් මැනට් සහ තායිලන්ත වැඩබලන අගමැති ෆුම්තම් වෙචයාචායි හෙට (28)  සවස මැලේසියාවටContinue Reading

කතරගම ඓතිහාසික වැඩසිටිකන්ද පුදබිමේ ආරක්ෂාව සඳහා ස්ථාපිත කර තිබූ පොලිස් මුරපොලෙහි රාජකාරි සඳහා පත් කර සිටි නිලධාරීන් ඉවත් කර ඇති බවට එම පුදබිමේ විහාරාධිපති හිමියන් ජනාධිපතිවරයා වෙත යොමු කරන ලද ලිපියක් සමාජ මාධ්‍යයේ හුවමාරු වීම සම්බන්ධව පොලීසිය කරුණු පැහැදිළි කිරීමක් සිදුකර තිබේ. පොලීසිය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ සම්බන්ධව සඳහන්Continue Reading