බහුතරය ලැබුණ ගමන් සජිත් කරන වෙනස
මෙවර මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවේ බහුතරය ලැබුණු වහාම ජනාධිපති සමඟ එක්ව IMF ගිවිසුම සංශෝධනය කරන බව සජිත් ප්‍රේමදාස මහතා පවසයි. Continue Reading
මෙවර මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවේ බහුතරය ලැබුණු වහාම ජනාධිපති සමඟ එක්ව IMF ගිවිසුම සංශෝධනය කරන බව සජිත් ප්‍රේමදාස මහතා පවසයි. Continue Reading
වන්නි දිස්ත්‍රික්කය වෙනුවෙන් භාරදුන් සිය නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරියා ගනු ලබූ තීරණය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය විසින් ගොනුකළ පෙත්සමේ තීන්දුව හෙට (23) දින ප්‍රකාශයට පත්කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය නිවේදනය කළේය. දෙපාර්ශය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දුන්නේContinue Reading
පළාත් සභා යාන්ත්‍රණය විධිමත් කිරීම සඳහා යෝජනාවලියක් සකස් කර ඉදිරිපත් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පළාත් ආණ්ඩුකාරවරුන්ට දැනුම්දී තිබේ. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, ජනාධිපති ලේකම් කාර්යාලයේ අද (22) පෙරවරුවේ පළාත් ආණ්ඩුකාරවරුන් සමග පැවැති සාකච්ඡාවේදීය. පළාත් සභා යටතේ සෞඛ්‍ය සහ අධ්‍යාපන සේවාවන්හි පවතින පුරප්පාඩු පිළිබඳව මෙහිදී විශේෂ අවධානයContinue Reading
එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් ප්‍රකාශයට පත් කර ඇති පොදු සමා කාලය 2024 ඔක්තෝබර් මස 31 වන දිනෙන් අවසන් වීමට නියමිත බව ඩුබායි හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය නිවේදනය කරයි. එබැවින් එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් නිකුත් කරනු ලබන පිටවීමේ සහතිකය ලබාදීම සඳහා කාලයක් ගතවන බැවින් වලංගු ගුවන් ගමන්Continue Reading
පිරිසක් විසින් ජීප් රථයකින් පැහැරගෙන යමින් සිටි සිය පුත්‍රයාව බේරාගැනීමට උත්සාහ කළ පියෙකු එම ජීප් රථයට යටකර ඝාතනය කිරීමේ සිද්ධියක් ඇහැළියගොඩ, පරකඩුව ප්‍රදේශයෙන් වාර්තා විය. පුත්‍රයාට ද අදාළ පිරිස විසින් ඇසිඩ් ප්‍රහාරයක් එල්ලකර තිබූ අතර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර පියාගේ දේහය දැකගැනීමට පුත්‍රයා අද (22) නිවසට පැමිණියේය. ඇහැළියගොඩ, පරකඩුවContinue Reading
අද (22) දහවල් පෞද්ගලික මගී බස් දෙකක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයින් 28 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල්ගත කර තිබේ. අවිස්සාවේල්ල පොලිස් බල ප්‍රදේශයේ දෙව්රුම් පිටිය වංගුව අසල මෙම අනතුර සිදුවී ඇත. තුවාලකරුවන් අවිස්සාවේල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබේ. තිදෙනකුගේ තත්ත්වය බරපතළ බව වාර්තා වෙයි. කොළඹ සිට ඇඹිලිපිටිය සූරියවැවContinue Reading
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති විශ්‍රාමික විනිසුරු ඒ. එම්. ජේ ද අල්විස් වාර්තාව ප්‍රතික්ෂේප කරන බව ගරු සිරිල් ගාමිණී පියතුමා පවසති. පාස්කු ප්‍රහාරයේ විමර්ශන කමිටු වාර්තාවක අඩංගු කරුණු ප්‍රසිද්ධ කිරීමට ඊයේ (21) පෙරවරුවේ කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කළ හෙළිදරව්වකට ප්‍රතිචාර දක්වමින් ගරුContinue Reading
පසුගියදා හිල්ටන් හෝටලයේ රථ ගාලේ තිබී BMW මෝටර් රථයක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව හෙට (23) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදීමට සූදානම් බව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සිය නීතිඥවරයා මාර්ගයෙන් අද (22) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරනContinue Reading
මාතර කැකනදුර ප්‍රදේශයේදී වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිදුවීමට සම්බන්ධ වෙඩික්කරුවන් දෙදෙනා පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය 15 වෙනිදා ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු විසින් වෙඩිතබා පළාගොස් තිබුණි. වෙඩිතැබීමෙන් මියගොස් තිබුණේ, සීසර්වරයෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙකි.Continue Reading
මේ වන විට ශ්‍රී ලංකාව තුළ අකාර්යක්ෂමතාවයේ පවතින සියලු රාජ්‍ය සේවාවන් ඩිජිටල්කරණයට ලක්කිරීම, ජාතික ජන බලවේග ආණ්ඩුවේ ප්‍රමුඛතම කාර්යය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඔහු මේ බව පවසා සිටියේ ජාතික ජන බලවේගය (20) හෝමාගමදී පැවැත් වූ ජන රැලියකට එක්වෙමිනි. එහි දී ඔහු පවසා සිටියේ මේ වන විට විදෙස්Continue Reading

© 2025 Srilankantribune . All Rights Reserved