අද (28) උදෑසන තායිලන්තයේ, බැංකොක් අගනුවර ජනප්‍රිය ආහාර වෙළෙඳපොළක් තුළ සිදුවු සමූහ වෙඩිතැබීමකින් එහි සිටි ආරක්ෂක නිලධාරීන් සිව්දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. වෙඩිතැබීමෙන් තවත් අයෙක් තුවාල ලබා ඇති අතර, පොලීසිය වෙඩිතැබීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇත. වෙඩිතැබීම සිදුකළ පුද්ගලයා සියදිවි නසාගෙන ඇති බව ද එරට ආරක්ෂක අංශ තහවුරු කර තිබේ.Continue Reading

තායිලන්තය සහ කාම්බෝජය අතර හටගෙන ඇති දේශසීමා ගැටුම් ගැන සාකච්ඡා පැවැත්වීමේ මැදිහත්කරුවෙක් ලෙස මැලේසියාව එක්කර ගැනීමට එම රටවල් එකඟවී තිබේ. මැලේසියා විදේශ අමාත්‍ය මොහොමඩ් හසන් එරට රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය හරහා මේ බව තහවුරුකර ඇත. ඒ අනුව කාම්බෝජ අගමැති හුන් මැනට් සහ තායිලන්ත වැඩබලන අගමැති ෆුම්තම් වෙචයාචායි හෙට (28)  සවස මැලේසියාවටContinue Reading

තායිලන්ත – කාම්බෝජ දේශසීමාවේ දින දෙකක පැවැති යුද ගැටුම්වලින් පසුව කාම්බෝජය වහාම ක්‍රියාත්මකවන පරිදි තායිලන්තයෙන් සටන් විරාමයක් ඉල්ලා තිබේ. එක්සත් ජාතීන්ගේ කාම්බෝජ තානාපතිවරයා පවසා ඇත්තේ, තම රට ‘කොන්දේසි විරහිතව’ සටන් විරාමයක් ඉල්ලා සිටි බවන බවත්, යුද ගැටුම්වලට සාමකාමී විසඳුමක් අවශ්‍ය බවත්ය. කෙසේ වෙතත් තායිලන්තය මේ දක්වා සටන් විරාම යෝජනාවට ප්‍රසිද්ධියේContinue Reading

නයිජීරියාවේ නයිජර් ප්‍රාන්තයේ පැතිර යන කොලරා වසංගත තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් තිබේ. එමෙන්ම කොලරා රෝගය වැළදී ඇති තවත් පුද්ගලයින් 239 දෙනෙකුගේ තත්ත්වය බරපතල බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ වන විට නයිජර් ප්‍රාන්තයේ දිස්ත්‍රික් හයක් පුරා මෙම වසංගත තත්ත්වය ව්‍යාප්ත වෙමින් පවතී. නයිජීරියානු රජය විසින්Continue Reading

අමෙරිකාව, ජපානය සමඟ දැවැන්ත වෙළෙඳ ගිවිසුමකට එළැඹීමෙන් අනතුරුව, ආනයනික භාණ්ඩ සඳහා සියයට 15ක තීරු බද්දක් පැනවීමට තීරණය කර තිබේ. අදාළ ගිවිසුම අනුව ජපානය, අමෙරිකානු නිෂ්පාදන වන මෝටර් රථ, ට්‍රක් රථ, සහල් සහ ඇතැම් කෘෂිකාර්මික නිෂ්පාදන ඇතුළු අනෙකුත් ආනයනය භාණ්ඩ සඳහා සියයට 15ක බද්දක් අඩුකර ඇති බවය. Truth Social ගිණුමෙහි සටහනක්Continue Reading

බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි ජෝර්ජ් කුමරු අද (22) සිය 12 වන උපන්දිනය සමරමින් සිටියි.  2013 වසරේ ජූලි 22 දා ලන්ඩන් නුවර ශාන්ත මේරී රෝහලේ දී උපතට ලැබූ ජෝර්ජ් කුමරු එංගලන්තයේ ඔටුන්න හිමි විලියම් කුමරුගේ කේට් කුමරියගේ පළමු දරුවාය. ඒ අනුව ජෝර්ජ් කුමරු රාජකීය ධූරාවලිය අනුව සිංහාසනයට සිටින උරුමකරුවන් අතර දෙවන ස්ථානයේContinue Reading

බංග්ලාදේශ ගුවන් හමුදාවට අයත් පුහුණු ගුවන් යානයක් එරට ඩකා අගනුවර පාසල් පරිශ්‍රයක් වෙත කඩා වැටී සිදුවූ අනතුරින් මේ වන විට පුද්ගලයින් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. සිද්ධියෙන් ළමුන් ඇතුළුව තවත් පුද්ගලයින් 88 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයිද එම මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත.Continue Reading

බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන් මුම්බායිහිදී අනතුරකට ලක්ව තිබෙනවා. ඒ, ටුබැකෝ චිත්‍රාගාරයේ කිංග් චිත්‍රපටයේ දර්ශනයක් රූගත කරමින් සිටියදීයි. අනතුරෙන් ෂාරුක් ඛාන්ගේ මාංශපේෂී ආබාධයකට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඔහු අමෙරිකාවට රැගෙන ගොස් ඇති අතර එහිදී ඔහුට වෛද්‍යවරුන් උපදෙස් ලබා දී ඇත්තේ විවේක ගන්නා ලෙසයි. ඒContinue Reading

යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි විසින් එරට අග්‍රාමාත්‍ය ධුරයේ වෙනසක් සිදුකර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ රුසියාව සමග සාමය සඳහා ඇති අපේක්ෂාවන් බිඳ වැටෙමින් පවතින පසුබිමක යුද කාලීන කළමනාකරණය සහ පුනර්ජීවනය අරමුණු කරගනිමින් මෙම සංශෝධනය සිදුකර ඇති බවය. ඒ අනුව එරට නව අගමැතිවරිය ලෙස 39 හැවිරිදි යුලියාContinue Reading

බෙල්ජියමේ Tomorrowland සංගීත ප්‍රශංගය පැවැත්වෙන ප්‍රධාන වේදිකාවේ ඇති වූ ගින්නකින් එම ස්ථානය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. සංගීත ප්‍රශංගයට දින දෙකකට පෙර මෙම ඛේදවාචකය සිදුව තිබේ. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ගින්නෙන් එහි සිටි කිසිවෙකුටත් හානි සිදුව නොමැති අතර වේදිකාවට දැඩි හානි සිදුව ඇතැයිContinue Reading