නව අගමැතිනිය ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රිනි ආචාර්ය හරිනි අමරසූරිය අද (23දා) දිවුරුම් දීමට නියමිතය. එමෙන්ම සිව් දෙනකුගෙන් යුත් ඇමැති මණ්ඩලයක් ද දිවුරුම් දීමට නියමිතය. මේ අතර පාර්ලිමේන්තුව අද දිනයේදී විසුරුවා හැරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි වාර්තා වෙයි. ඒ අනුව පාර්ලිමේන්තු මහ මැතිවරණය නොවැම්බර් මස අගදි පැවැත්වීමට නියමිතය.Continue Reading

මෙරට 9වන විධායක ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වී තිබේ. ඒ අනුව ඔහු හෙට (23)  උදෑසන වැඩ භාරගැනීමට නියමිතය. අනුර කුමාර දිසානායක 1968 නොවැම්බර් මස 24 වනදා උපත ලබන්නේ, මාතලේ දේවහූව ග්‍රාමයේදීය.  ඒ දිසානායක මුදියන්සේලාගේ රන්බණ්ඩා සහ දිසානායක මුදියන්සේලාගේ සීලවතී යුවළට දාවය. දිසානායක පවුලේ දෙවැනියා වූ අනුර මූලික අධ්‍යාපනයContinue Reading

ශ්‍රී ලංකාවේ 09 වැනි ජනාධිපතිවරයා ලෙස ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද සවස 4.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී දිවුරුම් දෙන බව ජාතික ජන බලවේගය පක්ෂයේ සාමාජික සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.ඉතා චාම් ලෙස මෙම දිවුරුම් දීමේ උත්සවය පවත්වනු ලබන බව ද ඔහු සඳහන් කරයි.ජනාධිපතිවරයා දිවුරුම් දීමෙන් පසුContinue Reading

අද (22) දහවල් 12.00 දක්වා දීර්ඝ කරන ලද ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ නොකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව පවසනවා. ඊයේ (21) රාත්‍රීයේ සිට අද පෙරවරු 6.00 දක්වා ඇඳිරි නීතිය පනවා තිබූ අතර පසුව එය අද දහවල් 12.00 දක්වා දීර්ඝ කර තිබුණා.Continue Reading

අද (22) අලුයම 6 තෙක් පනවා තිබූ ඇඳිරිනීතිය තවදුරටත් දීර්ඝ කිරීමට තීරණය කර තිබේ. මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසුවේ අද දහවල් 12 වන තෙක් ඇඳිරිනීතිය දීර්ඝ කර ඇති බවය.Continue Reading

සැප්තැම්බර් 21 අද පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයෙන් පසු ඡන්ද ගණන් කිරීමේ රාජකාරි සඳහා පැමිණෙන රාජ්‍ය නිලධාරීන් හට රාත්‍රී ආහාරය ලබා නොදෙන බව දිස්ත්‍රික්ක ලේකම් කාර්යාල විසින් එම රාජ්‍ය නිලධාරීන් වෙත දැනුම් දී ඇති බව වාර්තා වේ. ඒ අනුව, තමන්ට අවශ්‍ය ආහාර රැගෙන එන ලෙස එම රාජ්‍ය නිලධාරීන්ට දැනුම් දී තිබෙනවා. රාජ්‍යContinue Reading

ඡන්දය ගණන්කිරීම සිදුවන අවස්ථාවේදී ටෙලිවිෂන් හෝ විශාල තිර යොදාගෙන පාරවල් අසල එක්රැස් වී වැඩසටහන් නැරඹීම යනාදී කටයුතුවල නිරත වීම අයුතු ජනරාශිය යටතට ගැනෙන වරදක් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා පවසයි. එවැනි රැස්වීම් ආරක්ෂක අංශ විසින් විසුරුවා හැරීමට හෝ ඒවාට සම්බන්ධවන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ හැකියාව තිබෙනContinue Reading

තංගල්ලේ නලගම ප්‍රදේශයේදී වෙඩිවැදුණු බවට සැක කෙරෙන තුවාල සහිතව මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් හමුවී තිබේ. පොලීසිය සඳහන් කළේ ඊයේ (18) රාත්‍රියේදී මෙම පුද්ගල මළසිරුර හමුවී ඇති බවය. මියගොස් ඇත්තේ 33 හැවිරිදි පුද්ගලයෙකු බවට සැක කෙරෙයි.Continue Reading

මෙවර ජනාධිපතිවරණයට අදාළ අවසන් ප්‍රචාරක රැස්වීම් හෙට (18) සිදුකිරීමට නියමිතය. ඒ අනුව හෙට කොළඹ නගරය, කොට්ටාව සහ පිළියන්දල ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් එම රැලි සංවිධානය කර තිබේ. එම ප්‍රචාරක රැස්වීම් පැවැත්වෙන ප්‍රදේශවල ඇතිවන රථවාහන තදබදය අවම කරගැනීම සඳහා පොලීසියෙන් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ. ඊට අදාළ සම්පූර්ණ විසිතරContinue Reading

මෙරට ජනාධිපතිවරණය ලබන 21 වනදා පැවැත්වීමට නියමිත බැවින් ශ්‍රී ලංකාවට යන්නේ නම් කල්පනාකාරීව කටයුතු කරන ලෙස අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව එරට වැසියන්ගෙන් ඉල්ලා සිටී. එම දෙපාර්තමේන්තුව නිකුත්කර ඇති සංචාරක උපදේශයෙන් එරට වැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ ජනතාව රැස්වන ස්ථානවලට යෑමෙන් වළකින ලෙසය. අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසන්නේ සැප්තැම්බර් 21 වනදා ජනාධිපතිවරණය ට පෙර ඒContinue Reading